

කොවිඩ් එන්නත් මාත්‍රා මිශ්‍රකර ලබාදීම භයානකද?
කොවිඩ් එන්නත් මාත්‍රා මිශ්‍ර කර ලබාදීම භයානක ප්‍රවණතාවයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන විද්‍යාඥවරිය වන වෛද්‍ය සෞම්‍යා ස්වාමිනාදන් පවසනවා.
COVID-19 එන්නතෙහි බූස්ටර මාත්‍රා පිළිබඳව අන්තර්ජාල සාකච්ඡාවකදී ඇය මේ බව ප්‍රකාශ කර තිබුණා.
“එය ටිකක් භයානක ප්‍රවණතාවක්. අපි සිටින්නේ මිශ්‍ර කිරීම හා ගැලපීම පිළිබඳව දත්ත රහිත, සාක්ෂි රහිත කලාපයක” යනුවෙන් ඇය එහිදී ප්‍රකාශ කර සිටියා.
කෙසේ වුවත් මෙම අදහස් දැක්වීම පිළිබඳව ඔන්ටාරියෝ රජය ප්‍රකාශයක් නිකුත් කර තිබුණා.
එහිදී ඔන්ටාරියෝ ප්‍රතිශක්තිකරණය පිළිබඳ ජාතික උපදේශක කමිටුව (NACI) කියා සිටින්නේ එන්නත් මිශ්‍ර කිරීම ආරක්ෂිත බවත් එයින් ශක්තිමත් ප්‍රතිශක්තිකරණයක් නිපදවන බවත්ය.
එක්සත් රාජධානිය, ස්පාඥ සය සහ ජර්මනිය විසින් කරන ලද අධ්‍යයනයන් මත පදනම්ව මේවන විටත් එන්නත් මිශ්‍ර කිරීම නිර්දේශ කර ඇති බව ඔන්ටාරියෝ රජය වැඩිදුරටත් පවසනවා.