පෙට්‍රල් ඩීසල් වාහන යුගය අවසන් වන ලකුණු?

පෙට්‍රල් ඩීසල් වාහන යුගය අවසන් වන ලකුණු?

වසර 20ක් තුළ පෙට්‍රල් සහ ඩීසල් මෝටර් රථ අලෙවිය අවසන් වන බවට ඉඟි පළ කරමින් විදුලි මෝටර් රථ භාවිතයට මාරුවීම වේගවත් කරන යෝජනාවකට යුරෝපා සංගමය සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

බොහෝ මෝටර් රථ නිෂ්පාදකයන් දැනටමත් විදුලි මෝටර් රථ සඳහා විශාල ආයෝජනයන් ප්‍රකාශයට පත්කර ඇති බවයි එහි සඳහන් වන්නේ.

කෙසේ වෙතත් වොක්ස්වැගන් සමාගම පසුගිය මාසයේදී ප්‍රකාශයට පත්කළේ 2035 වනවිට යුරෝපයේ දහන එන්ජින් සහිත මෝටර් රථ විකිණීම නවත්වන බවයි.

තවද පසුගිය සතියේ ලොව සිව්වැනි මෝටර් රථ නිෂ්පාදකයා වන ස්ටෙලාන්ටිස් සමාගම කියා සිටියේ 2025 වනවිට යුරෝ බිලියන 30කට වැඩි ප්‍රමාණයක් විදුලි මෝටර් රථ වෙනුවෙන් ආයෝජනය කරන බවයි.

ජගුවාර් සමාගමද 2025 වසරේ සිට විදුලි මෝටර් රථ පමණක් අලෙවි කිරීමට තීරණය කර ඇති අතර වොල්වෝ සමාගම 2030 වසරේ සිට විදුලි මෝටර් රථ පමණක් අලෙවි කිරීමට තීරණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

 

Share This