ටෝකියෝ ඔලිම්පික් ගම්මානයෙන් පළමු කොවිඩ් ආසාදිතයා වාර්තා වෙයි

ටෝකියෝ ඔලිම්පික් ගම්මානයෙන් පළමු කොවිඩ් ආසාදිතයා වාර්තා වෙයි

තවත් දින 6 කින් ආරම්භ වීමට නියමිත ටෝකියෝ 2020 ඔලිම්පික් උළලේ ක්‍රීඩා ගම්මානයෙන් ප්‍රථම වරට කොරෝනා ආසාදිතයෙකු හමුවී ඇති බව වාර්තා කරනවා.

ටෝකියෝ ඔලිම්පික් සංවිධාන කමිටුවේ ප්‍රකාශක මාසා ටකායා ප්‍රකාශ කර ඇත්තේ එම ආසාදිතයා ගම්මානයෙන් ඉවත් කිරීමට පියවර ගත් බවයි.

කෙසේ නමුත්, ආසාදනය වූ තැනැත්තා සංවිධායකයින් විසින් මේ වන තෙක් අනාවරණ කර නැහැ.

කෙසේ නමුත් ලොව පුරා නන් දෙසින් පැමිණි දහස් සංඛ්‍යාත ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිටින ඔලිම්පික් ගම්මානයේ කොරෝනා ව්‍යාප්තියක් ඇති වීම වළක්වාලීමට සියලු පියවර ගෙන ඇති බව ටෝකියෝ ඔලිම්පික් කමිටුව පවසනවා.

Share This