

ඩෙල්ටාවෙන් ආරක්ෂා වන්න එන්නත්වල තෙවන මාත්‍රාවක් ලබා දීම කෙරෙහි රටවල් කිහිපයක අවදානය
කොරෝනා වෛරස් එන්නත් මාත්‍රා දෙකම ලැබූ පුද්ගලයින්ගේ ප්‍රතිශක්තිකරණ හැකියාව වර්ධනය කිරීමේ බූස්ටර් හෙවත් ප්රවර්ධක එන්නත් මාත්‍රාවක් ලබාදිය යුතුද යන්න පිළිබඳව මේ වනවිට පුළුල් සංවාදයක් ලොව රටවල් කිහිපයක ආරම්භ වී තිබෙනවා.
ජනගහනයෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් එන්නත්කරණය සිදුකළ රටවල් පවා මේ වනවිට ඒ පිළිබඳව අවධානය යොමු කරන්නේ ප්‍රබල ප්‍රචාරණ හැකියාවකින් යුත් ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය හේතුවෙන් බවටයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
එමෙන්ම මේ වසර අගදී එලෙස 03 වන මාත්‍රාවක් ලබාදීමට සූදානම් වන්නැයි අමෙරිකා රජය තම කොවිඩ් පාලන බලධාරීන්ට දැනුම් දී ඇති බව පැවසෙනවා.