

සීදුවේ වෙඩි තැබීමක් – අපරාධ රැසකට සම්බන්ධ අයෙක් මරුට
අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවෙකු සීදූව ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය සමඟ සිදුවූ වෙඩි හුවමාරුවකින් මියගොස් තිබෙනවා.
ඊයේ (18) රාත්‍රියේ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරීන්ට ලද තොරතුරක් අනුව සුඛෝපභෝගී රථයක් පසුපස ලුහුබැඳගොස් සීදුව පොලිස් වසමේ බේස්ලයින් පාර ප්‍රදේශයේදී වාහනය පරීක්ෂා කිරීමට STF නිලධාරීන් උත්සහ කර තිබෙනවා.
එම අවස්ථාවේ පොලිස් විශේෂ කාර්ය බලකාය ගිනි අවි භාවිත කර බලය පාවිච්චි කිරීමක් සිදුකර ඇති අතර එහිදී එම රථයේ සිටි පුද්ගලයෙකු වෙඩි වැදීමෙන් තුවාල ලබා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේ.
තුවාලකරු මීගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.