ජර්මනියේ හා බෙල්ජියමේ ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව 170 දක්වා ඉහළ යයි

ජර්මනියේ හා බෙල්ජියමේ ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව 170 දක්වා ඉහළ යයි

බටහිර ජර්මනියට හා බෙල්ජියමට බලපෑ ගංවතුරින් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 170 ඉක්මවා ගොස් තිබෙනවා.

යුරෝපයට ඇද හැලුණු වාර්තාගත වර්ෂාපතනයෙන් වැඩිම බලපෑම් එල්ලවී ඇත්තේ ජර්මනියට හා බෙල්ජියමටයි.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ අතුරුදන් වූවන් සොයා මුදා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක බවයි.

එම රටවල මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව විදෙස් මාධ්‍ය අනාවරණය කළා.

ගංවතුරෙන් යුරෝපයේ මාර්ග, නිවාස, වාහන ඇතුළු දේපොළ රැසකට ද හානි සිදුව ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ජර්මානු කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ මාස 02ක කාලයක වාර්ෂාපතනයක් පැය 24ක් තුළ එරටට ඇද හැලුණු බවයි.

 

Share This