

ජගත් සංවිධානය ඇෆ්ගනිස්ථාන සටන්කාමීන්ගෙන් කළ ඉල්ලීම
එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇෆ්ගනිස්ථානයේ සටන් වදින සියලු පාර්ශවවලින් ඉල්ලීමක් කර තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.
ඒ එළඹෙන ඉද් උත්සව සමය ඉලක්ක කර සටන් විරාමයකට එළඹෙන ලෙසයි.
ඇෆ්ගනිස්ථානයෙන් ඇමරිකාව ඇතුලු නේටෝ හමුදා ඉවත්ව යාම ආරම්භවීමත් සමඟ එරට සිවිල් ජනතාව දැඩි යුද බියකින් පෙළෙන අතර කාන්තාවන් ළමයින් වැනි පිරිස් එහි දැඩි බලපෑමකට ලක්ව සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙනවා.
එබැවින් සිවිල් ජනතාවගේ මානව හිමිකම් උල්ලංඝනය නොකොට සටන් විරාමයකට එළඹෙන්නැයි එම සංවිධානය ඉල්ලීම් කරනවා