ඩෙවෝන් ඇල්ලෙන් වැටී අතුරුදන් වු තරුණිය සෙවීම අසීරු වේ – මෙහෙයුම තාවකාලිකව නවතා දමයි

ඩෙවෝන් ඇල්ලෙන් වැටී අතුරුදන් වු තරුණිය සෙවීම අසීරු වේ – මෙහෙයුම තාවකාලිකව නවතා දමයි

ඩෙවෝන් දිය ඇල්ලෙන් පහළ ට ඇද වැටී අතුරුදන්ව වු තරුණිය සොයා සිදුකළ මෙහෙයුම අද (19) දහවල් තාවකාලිකව නවතා දැමීමට පියවර ගත් බව දිඹුල- පතන පොලීසිය පවසනවා.

අඩි 291ක පමණ උසකින් ඇද හැලෙන එම දිය ඇල්ලේ පහළ ප්‍රදේශය විශාල ගල් සහිත ස්ථානයක් වීම නිසාත්, මේ දිනවල දිය ඇල්ලේ ජල මට්ටම අධික වීම නිසාත් තරුණිය සොයා සිදුකළ මෙහෙයුම් අසීරු වී තිබීම හේතුවෙන් එය තාවකාලිකව නවතා තිබෙනවා.

තරුණියන් හතර දෙනෙකු ඩෙවෝන් දිය ඇල්ල නැරඹීමට ඊයේ (18) දහවල් ගොස් ඇති අතර ඇල්ලේ ඉහළ කොටසේ සිට ඔවුන් සෙල්ෆි ඡායාරූප රැගෙන අදාළ තරුණිය පාද සේදීමට ගිය අවස්ථාවේ දී දිය ඇල්ලෙන් පහළට ඇදවැටී ඇතැයි පොලීසිය සිදුකළ මුලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ තලවකැලේ, ලිඳුල ප්‍රදේශයේ පදිංචි පවිත්‍රා නැමති 19 හැවිරිදි තරුණියක්.

Share This