

දිවයිනම ආවරණය වන පරිදි විශේෂ මෙහෙයුමක්
දිවයිනම ආවරණය වන පරිදි පොලිස් නිලධාරීන් 15000ට අධික පිරිසක් යොදවා විශේෂ මෙහෙයුමක් සිදු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා
එහිදී විවිධ වැරදි සම්බන්ධ සැකකරුවන් 3139 දෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා
මෙම මෙහෙයුමේ දී බීමත් රියදුරන් 659ක්, මත් ද්‍රව්‍ය සම්බන්ධයෙන් 1355 ක්, ,වරෙන්තු හා විවෘත වරෙන්තු කරුවන් 638 ක්, ගිනි අවි ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් 11 දෙනකු,සහ විවිධ වැරදි සම්බන්ධයෙන් 97ක් වශයෙන් මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බවයි අජිත් රෝහණ මහතා පවසන්නේ
මෙම මෙහෙයුමට පොලිස් නිළ සුනඛයන් 55 දෙනකු ද යොදා ගෙන තිබෙනවා