මුස්ලිම් විවාහ සහ දික්කසාද සම්බන්ධයෙන් වූ කැබිනට් තීරණය

මුස්ලිම් විවාහ සහ දික්කසාද සම්බන්ධයෙන් වූ කැබිනට් තීරණය

ශ්‍රී ලංකාවේ පුරවැසින් ගේ විවාහ සහ දික්කසාද පාලනය කරනු ලබන පොදු නීතිය යටතේ ම මුස්ලිම් ප්‍රජාවට අයත් තැනැත්තන්ගේ ද විවාහ සහ දික්කසාද පාලනය කරන විකල්ප අවස්ථාවන් ලබා දීමට අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා ඉදිරිපත් කළ යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.

ඒ අනුව ඉස්ලාම් ආගම අදහන තැනැත්තන් විවාහ ලියාපදිංචි කිරීමේ අඥාපනත යටතේ විවාහ වීමට අපේක්ෂා කරන්නේ නම්, ඔවුන්ට එකී අඥාපනත යටතේ පාලනය වීමට හැකි වන පරිදි සිවිල් නඩු විධාන සංග්‍රහය සහ සිවිල් නඩු කටයුතු සම්බන්ධ කාර්යය පටිපාටිය සංශෝධනය කිරීම පිණිස අනුමැතිය හමුවූ බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

Share This