

මෙරට කොවිඩ් රෝගීන් 50%කට ඩෙල්ටා ප්‍රභේදය වැළඳීමේ අවදානමක්(VIDEO)
ශ්‍රී ලංකාව කොවිඩ් හතරවන රැල්ලේ ආරම්භයට ළඟාවෙමින් සිටින බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පත්මා ගුණරත්න මහත්මිය පවසනවා.
ඇය පෙන්වා දුන්නේ ඩෙල්ටා ප්‍රභේදය වැඩිකල් නොගොස් මෙරට 50%ක රෝගීන්ගේ රෝග තත්ත්වවලට හේතු සාධක වන බව සැකයකින් තොරව සඳහන් කළ හැකි බවයි .
කොළඹ දී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඇය මේ බව පෙන්වා දුන්නා.
වෛද්‍ය පත්මා ගුණරත්න මහත්මියගේ ප්‍රකාශය පහතින් නැරඹිය හැකියි.