

ඕනෑම වර්ගයක ‘සිලින්ඩරයකට’ ලිට්‍රෝ ගෑස් දෙන්න සුදානම්
ගෑස් හිඟයක් ඇති නොවන බවත් ඒ පිළිබඳ ව මහජනතාව අනියත බියක් ඇති කර ගත යුතු නැති බවත් ලිට්‍රෝ ගෑස් සමාගම සඳහන් කරනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා සඳහන් කරන්නේ ගෑස් හිඟයකට මුහුණදීම සඳහා ලිට්‍රෝ සමාගම සතුව තොග ඇති බවයි.
ඕනෑම වර්ණයක ඕනෑම වර්ගයක සිලින්ඩරයකට ගෑස් සැපයීම සිදුකරන බව ද එම නිවේදනයේ සඳහන් වනවා.