

කොවිඩ් මර්දන කටයුතු සදහා දිස්ත්‍රික්ක 09 කට වෑන් රථ
කොවිඩ් මර්දන හා පාලන කටයුතු විධිමත්ව පවත්වාගෙන යාම සහ සෞඛ්‍ය පද්ධති වැඩිදියුණු කිරීමේ අරමුණ ඇතිව NISSAN URVAN වර්ගයේ වෑන් රථ 09 ක් පළාත් අතර බෙදාදිමට කටයුතු යොදා තිබෙනවා.
ඒ අනුව අද දින (20) සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ පරිශයේ දී මෙම වෑන් රථ බෙදා දීම සිදුකෙරුණා.
ආසියානු සංවර්ධන බැංකුවේ (Asian Development Bank) මූල්‍ය දායකත්වය මත සෞඛ්‍ය පද්ධති වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සම්බන්ධීකරණයෙන් ලැබුණු මෙම වෑන් රථ වල වටිනාකම රුපියල් ලක්ෂ 900 ක් පමණ වනවා.
මෙම වෑන් රථ මධ්‍යම පළාතේ නුවර, මාතලේ සහ නුවරඑලිය දිස්ත්‍රික්ක සදහාත්, උතුරු මැද පළාතේ අනුරාධපුර සහ පොළොන්නරුව දිස්ත්‍රික්ක සදහාත්, ඌව පළාතේ බදුල්ල සහ මොණරාගල දිස්ත්‍රික්ක සදහාත්, සබරගමුව පළාතේ රත්නපුර සහ කෑගල්ල යන දිස්ත්‍රික්ක සදහාත් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.