

අන්තර්ජාලය ඔස්සේ විකිණූ දැරියව අපයෝජනය කළ ගායකයා ඇතුළු හතරක් හඳුනා ගනී
අන්තර්ජාලය ඔස්සේ පළ වූ දැන්වීමක් මාර්ගයෙන් සම්බන්ධ කරගත් බාල වයස්කාර දැරියව අපයෝජනය කළ බවට චෝදනා එල්ල වී සිටින පොලිස් ක්රීඩා කොට්ඨාශයේ උප පරීක්ෂකවරයා, හිටපු බැංකු කළමනාකරු සහ ගායන ශිල්පයා යන තිදෙනාව අධිකරණයේ පැවති හඳුනා ගැනීමේ පෙරට්ටුවේදී වින්දිත දැරිය විසින් හඳුනා ගනු ලැබුවා.
ඒ ඊයේ (20) දිනයේ දී.
කොළඹ වැඩබලන මහේස්ත්රාත්වරයා හමුවේ හඳුනා ගැනීමේ පෙරෙට්ටුව පැවති අතර වින්දිත දැරිය එම සැකකරුවන් තිදෙනාව ඉතා පහසුවෙන් හඳුනාගෙන තිබුණා
මඩකලපුවේ පදිංචි උප පොලිස් පරීක්ෂකවරයෙකු ගල්කිස්සේ පදිංචි හිටපු බැංකු කළමනාකරුවකු සහ පේරාදෙණියේ පදිංචි ගායන ශිල්පියකුව මෙලෙස හඳුනා ගනු ලැබූ අතර ඔවුන්ව තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කළා.