“ජාතික සඳුන් අරණ” විවෘත කෙරේ

“ජාතික සඳුන් අරණ” විවෘත කෙරේ

අනාගතය පරපුර වෙනුවෙන් පරිසරය ආරක්ෂා කිරීම රජය වගකීමක් කොට සළකන බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය, ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

මෙරට පළමු වතාවට රාජ්‍ය අනුග්‍රහයෙන් නිර්මාණය වූ බත්තරමුල්ල ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු සංකීර්ණය අසළ පිහිටි “ජාතික සඳුන් අරණ” ජාතියට තිළිණ කරමින් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අද (20) දින පස්වරුවේ දී මේ බව අවධාරණය කළේය.

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය අනුව යමින් රට හරිත කලාපයක් බවට පත් කිරීමේ වැඩ පිළිවෙලට සමගාමීව අක්කර 9කින් යුතු භූමි භාගයක් පුරා සඳුන් අරණ විහිදී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ අති දුර්ලභ රත් සඳුන් ශාක 300 ක් සහ සුදු සඳුන් ශාක 900 කින් මෙම උද්‍යානය අලංකාර වේ.මෙය ජනතාවට නොමිලේම නිදහස, විවේකය, හුදකලාව සහ විවිධත්වය අත්විදීමට හැකිය.

ව්‍යායාම කිරීම‍, භාවනා කිරීම, යෝග ව්‍යායාම ඇතුළු වැඩසටහන් රැසකට සුදුසු වන පරිසරයක් ද මෙහි නිර්මාණය කර තිබෙනවා.

Share This