

පාස්කු ප්‍රහාරයේ සැකකරුවන්ට මේ මාසය අවසානයට පෙර නඩු
පාස්කු ඉරුදින ප්‍රහාරයට අදාළ සැකකරුවන්ට මේ මස අවසන් වීමට පෙර නඩු පවරන බව මහජන ආරක්ෂක ඇමැති සරත් වීරසේකර මහතා ජාතික පුවත්පතකට ප්‍රකාශ කර තිබෙනවා.
මේ පිළිබඳව අද ස්වර්ණවාහිනිය පත්තරේ වැඩසටහනෙන්ද අවදානය යොමු කෙරුණා.
නඩු පැවරීම්වලට අදාළ කටයුතු සිදු කරමින් පවතින බව, තමන්ට නීතිපතිවරයා දැනුම් දුන් බව කී ඒ මහතා කුඩා හිඩැසකින් හෝ අපරාධකරුවෙක්ට රිංගා යෑමට ඉඩ නොදී එම කටයුතු සිදු කරන බවද එහි සඳහන්.
එම වාර්තාවලට අනුව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වයකු ඇතුළු 50 දෙනෙකුගෙන් පමණ යුත් කණ්ඩායමක් මාසයක පමණ කාලයක් නඩු පැවරීම්වලට අදාළව කටයුතු කරමින් සිටිනවා.