තඹ කම්බි ගන්න දුම්රියේ වයර් කැපූ අයෙක් මාට්ටු

තඹ කම්බි ගන්න දුම්රියේ වයර් කැපූ අයෙක් මාට්ටු

දෙමටගොඩ දුම්රිය අංගනයට අනවසරයෙන් ඇතුළු වී එහි නවතා ඇති දුම්රිය මැදිරි වල වයර් සහ තඹ කම්බි කැපීමේ නිරතව සිටී 62 හැවිරිදි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව දෙමටගොඩ පොලීසිය පවසනවා‍.

සැකකරු රුපියල් ලක්ෂ තුනකට අධික කම්බි මෙලෙස කපා රැගෙන ගොස් ඇති බවයි ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළ‍ේ.

දුම්රිය ධාවන කළමනාකරුවෙකු මේ සම්බන්ධයෙන් දෙමටගොඩ පොලිසියට කළ පැමිණිල්ලකට අනුව මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Share This