මෙවර ඔලිම්පික් උළෙලේ සුවිශේෂිතා රැසක් – ඉවත දැමු ජංගම දුරකථන මිලියන 6කින් පදක්කම්  සැකසේ

මෙවර ඔලිම්පික් උළෙලේ සුවිශේෂිතා රැසක් – ඉවත දැමු ජංගම දුරකථන මිලියන 6කින් පදක්කම් සැකසේ

මෙවර ටෝකියෝ ඔලිම්පික් උළෙල අංශ කිහිපයකින් සුවිශේෂී වනවා.

කොවිඩ් 19 වසංගතය මධ්‍යයේ මෙවර නව සෞඛ්‍ය නීති හඳුන්වා දී තිබීම ඉන් එක් විශේෂත්වයක්.

එමෙන්ම උළෙලේ බොහෝ ඉදිකිරීම් හා නිර්මාණ කටයුතු සඳහා යොදා ගෙන ඇති අමුද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කළ හැකි වීම තවත් විශේෂත්වයක්.

ජයග්‍රහකයින්ට පදක්කම් පැළඳවීමට යොදා ගන්නා වේදිකාව නිර්මාණය කර තිබෙන්නේද ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ප්ලාස්ටික්වලින් බවයි වාර්තා වන්නේ.

තවද ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලබා දෙන පදක්කම් නිර්මාණය කර ඇත්තේ භාවිතයෙන් ඉවතලන ජංගම දුරකථනවල අඩංගු ලෝහවලින් වන අතර ඒ සඳහා ජංගම දුරකථන මිලියන 6ක් උපයෝගී කර ගෙන ඇතැයි වාර්තා වනවා.

Share This