

මොඩර්නා අහිතකර බවට ‘ප්‍රචාරය කළ පිරිස පසුපස’ පොලිසිය
මොඩර්නා එන්නත ශරීරයට අහිතකර බවට ප්‍රචාර ගෙන යාම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරනවා.
මහනුවර මහ රෝහලේ නීති වෛද්‍ය නිලධාරීවරයා විසින් සිදුකළ පැමිණිල්ලක් මත මෙම පරීක්ෂණ පැවැත්වෙන අතර සමාජ මාධ්‍ය හෝ කෙටි පණිවිඩ මගින් මෙම ප්‍රචාර ගෙන ගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.
මෙම පරීක්ෂණ මහනුවර පොලිසිය මගින් සිදු කරන අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ සහාය ද ඊට ලබා ගැනීමට නියමිතයි.
එන්නත්කරණය අධෛර්යමත් කිරීමට හේතුවන ප්‍රචාර ගෙන යන පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරන්නේ.