

එක්ස්ප්රස් පර්ල් – කොළඹ දිස්ත්රික්කයේ ධීවරයින්ට වන්දි ගෙවීම් ඇරඹෙයි
එම්.වී. එක්ස්ප්රස් පර්ල් නෞකාවෙන් හානියට පත් කොළඹ දිස්ත්රික්කයේ ධීවරයින්ට පළමු අදියරේ වන්දි මුදල් ප්රදානය අද (23) දින සිදු කර තිබෙනවා.
මොරටුව ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ ධීවර රැකියාව කර ගැනීමට නොහැකිව අපහසුතාවට පත්වී සිටින ධීවරයින් වෙනුවෙන් මෙම වන්දි මුදල් ලබාදීම සිදුකර තිබෙන බවයි වාර්තා වන්නේ.
ඒ අනුව පළමු අදියර යටතේ ධීවරයින් 21 දෙනෙකු සඳහා වන්දි මුදල් ප්රදානය කර ඇති අතර මොරටුව ප්රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ ධීවරයින් 1,171 දෙනෙකු වන්දි මුදල් ලබා ගැනීම සඳහා සුදුසුකම් ලබා සිටිනවා.