

තමන් වෙනුවෙන් දිවි පුද කළ ‘සැරයන්ට’ අදත් පින් දෙන විනිසුරුවරයා
යාපනයේ මහාධිකරණ විනිසුරුවරයාව ඝාතනය කිරීමට පැමිණි පුද්ගලයෙකු තබන ලද වෙඩි පහරකින් මියගිය පොලිස් සැරයන් සරත් හේමචන්ද්‍ර මහතාගේ සිව්වෙනි වසරේ දානමය පිංකම මානික්කවාසගර් ඉලන්චෙලියන් විනිසුරුවරයාගේ ප්‍රධානත්වයෙන් හලාවතදී සිදු කෙරුණා.
මියගිය පොලිස් සැරයන්වරයාගේ සොහොන ඉදිරියේදී ආගමික වතාවත් ඉටුකළ ඉලන්චෙලියන් විනිසුරුවරයා පවුලේ පිරිස සමග දානමය පින්කමට සහභාගී වී තිබෙනවා.
පොලිස් සැරයන්වරයා මියගිය පසුව ඔහුගේ දරුවන් දෙදෙනාගේ අධ්‍යාපන කටයුතු පිළිබදව සොයා බලනුයේ ද ඉලන්චෙලියන් විනිසුරුවරයායි.
2017 ජූලි 22 දින යාපනයේ නල්ලූර් ප්‍රදේශයේදී මෙම වෙඩි තැබීම සිදු වූයේ විනිසුරුවරයා ඉලක්ක කර ගනිමිනුයි.