

සේලයින් මෙරට නිෂ්පාදනයට අනුමැතිය
විදේශයෙන් සේලයින් මිලදී ගැනීම ලබන සැප්තැම්බර් මස 1වැනිදායින් පසු සම්පූර්ණයෙන්ම නැවතීමට තීරණය කර තිබෙනවා
ඒ අනුව අද (27) පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී සඳහන් කළේ සැප්තැම්බර් මස 1වැනිදායින් පසු සේලයින් නිෂ්පාදනය රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව මෙරට පෞද්ගලික ආයතනයක් සමග එක්වී සිදුකිරීමට කැබිනට් අනුමැතිය හිමිවූ බවයි
සෞඛ්‍ය අමාත්‍යතුමිය විසින් ඉදිරිපත් කළ යෝජනාවකටයි මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවුණේ