

whatsapp ඇසුර නරකට හැරේ
කාන්තාවකගෙන් කප්පම් මුදලක් ලබාගැනීමට තැත් කළ දෙදෙනෙක් කොළඹ ළමා හා කාන්තා කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළා.
කොම්පඤ්ඤ වීදිය ප්‍රදේශයේ දී ඔවුන්ව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වැල්ලවත්ත ප්‍රදේශයේ කාන්තාවකගෙන් රුපියල් ලක්ෂ 7ක කප්පම් මුදලක් ලබා ගැනීමට තැත්කිරීමේ දී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ.
එංගලන්තයේ පදිංචි පුද්ගලයෙක් සමඟ අදාළ කාන්තාව වට්ස්ඇප් ඔස්සේ සම්බන්ධතාවයක් පවත්වා ඇති අතර එම පුද්ගලයා අමනාප වීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 17ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බව පරීක්ෂණවලදී හෙළිව තිබුණා.
කාන්තාව සමඟ සම්බන්ධතාවය පවත්වන අවස්ථාවන්වලදී ලබාගත් ඡායාරූප අන්තර්ජාලයට මුදාහරින බව පවසමින් කප්පම් මුදල් ඉල්ලා ඇති අතර අදාළ මුදලින් ලක්ෂ 7ක් ලබා ගැනීමට මෙරට පදිංචි පුද්ගලයින් දෙදෙනෙක් ඊයේ දිනයේ දී එවා තිබෙනවා.
එංගලන්තයේ පදිංචි පුද්ගලයා මෙරට යාපනයේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පොලිසිය පවසනවා.