රුපියල් මිලියන 125 කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් හසුවෙයි

රුපියල් මිලියන 125 කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් හසුවෙයි

කේරළ ගංජා කිලෝ 417යි ග්‍රෑම් 200ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවන් තිදෙනෙකු (03) සහ ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර තිබෙනවා.

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය මාදගල් සිට පේදුරුතුඩුව දක්වා වූ මුහුදු ප්‍රදේශයේ ඊයේ ( 27) රාත්‍රියේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙම තොගය සොයා ගැනුණා.

පී 177 යාත්‍රාව මඟින් සැක කටයුතු ඩිංගි යාත්‍රාවක් පරීක්‍ෂා කිරීමට යාමේදී එම සැකකටයුතු යාත්‍රාව මඟින් මලු කිහිපයක් මුහුදට දමා පලා යාම‍ට උත්සාහ කර ඇති අතර පී 177 යාත්‍රාව සැකකටයුතු ඩිංගි යාත්‍රාව හඹා ගොස් සැකකරුවන් තිදෙනෙකු සමඟ එම යාත්‍රාව නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා

එලෙස සැකකටයුතු ඩිංගි යාත්‍රාවෙන් මුහුදට දමා තිබූ කේරළ ගංජා තොගය පොලිතීන් මලු 08ක පාර්සල් 125ක් වශයෙන් අසුරන තිබූ බවද නාවික හමුදාව නිවේදනය කළා.

මෙලෙස නාවික හමුදා භාරයට ගත් කේරළ ගංජා තොගයේ වීථි වටිනාකම රුපියල් මිලියන 125 කට අධික බවට විශවාස කරන බවයි නාවික හමුදාව සඳහන් කරන්නේ .

කොව්ඩ් -19 ව්‍යාප්තිය වැළැක්වීමේ සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව සිදුකළ මෙම මෙහෙයුම මගින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් තිදෙනා (03) වයස අවුරුදු 20ත් 40ත් අතර වයසේ පසුවන තොන්ඩමන්ආරු සහ ගුරුනගර් යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන්

මෙම සැකකරුවන්, කේරළ ගංජා සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා ඉලවාලි පොලීසිය වෙත භාර දීමට නියමිතයි..

Share This