

කොතලාවල පනත ගැන විවාදයට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විශේෂ සාකච්ඡාවක්
පක්ෂ නායක රැස්වීමේදී ගත් තීරණ අනුව, ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයීය පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ පාර්ලිමේන්තු විවාදය අගෝස්තු 06 වන සිකුරාදා පැවැත්වීමට නියමිත වනවා.
ඊට පෙර එනම් අගෝස්තු 03 අඟහරුවාදා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර විශේෂ සාකච්ඡාවක් සිදු කරන බව පාර්ලිමේන්තුවේ සභානායක කාර්යාලය දන්වා තිබෙනවා.
මෙම සාකච්ඡාව වාරිමාර්ග අමාත්‍ය සහ රාජ්‍ය ආරක්ෂක, ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බවයි දන්වා ඇත්තේ.