තවත් නිල් මැණික් පොකුරක් හමු වෙයි

තවත් නිල් මැණික් පොකුරක් හමු වෙයි

රත්නපුර – රක්වාන ප්‍රදේශයෙන් කිලෝ 80ක් බරැති තවත් නිල් මැණික් පොකුරක් හමුවී ඇති බව වාර්තා වනවා.

එම නිල් මැණික් පොකුර මේ වන විට කොළඹ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙක් සතුව පවතින බවත් , එම මැණික් පොකුරේ වටිනාකම ඇස්තමේන්තු කර එළඹෙන නොවැම්බර් මාසයේ දී ජාත්‍යන්තර මැණික් වෙන්දේසියක් සඳහා එය ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඒ සඳහා එහි හිමිකරුවන් අවම වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 50 ක මිලක් අපේක්ෂා කරන බවයි වාර්තා වී ඇත්තේ.

Share This