

ගමකටම කොවිඩ් බෙදූ මල්වර උත්සවය
කළුතර පයාගල ගොරකදෙණිය ප්‍රදේශයේ, මල්වර උත්සවයක් සඳහා සහභාගී වු පුද්ගලයින්ට හා එහි ආශ්‍රිතයින් 85දෙනෙක් ට කොවිඩ් ආසාදනය වී ඇති බව වාර්තා වනවා.
එම මල්වර උත්සවය පැවැත්වීමට සුදානම් කර තිබුණ දින එයට උදව්වීම සඳහා පුද්ගලයින් 35දෙනෙක් පමණ එම නිවසට රැස්ව තිබෙන අතර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුගේ මැදිහත් වීමෙන් අදාළ උත්සවය නවතා දැමීම හේතුවෙන් පිසින ලද ආහාර සියල්ල නිවැසියා විසින් උත්සවයට ආරාධනා කරන ලද නිවෙස්වලට පාර්සල් කර ගෙන ගොස් දී ඇති බවයි වාර්තා වන්නේ.
උත්සවය සංවිධානය කර තිබූ එම නිවසේ ආහාර සැකසීමට පැමිණි පුද්ගලයෙකුට කොවිඩ් ආසාදිත බවට තහවුරු වීමත් සමග ඉදිරි දින කිහිපය තුළ කළ පරීක්ෂණ හරහා තවත් පුද්ගලයින් 23දෙනෙකුට කොවිඩ් බව තහවුරුව තිබෙනවා.
ඉන්පසුව ආශ්‍රිතයින් 212දෙනෙකුගේ පීසීආර් පරීක්ෂණ ඊයේ (31) දිනයේ සිදු කර ඇති අතර එයින් පුද්ගලයින් 62ක් ට කොවිඩ් ආසාදිත බවට තහවුරු වී ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව එම ගමේ දැනට ආසාදිත මුළු සංඛ්‍යාව 85ක් .
මේ අනුව ප්‍රදේශයේ පවුල් 40කට ආසන්න ප්‍රමාණයක් මේ වන විට නිරෝධායනට ලක්කර තිබෙනවා