උපත්, විවාහ සහ මරණ සහතික පිටපත් ලබා ගැනීමට පහසු ක්‍රමයක්

උපත්, විවාහ සහ මරණ සහතික පිටපත් ලබා ගැනීමට පහසු ක්‍රමයක්

උපත්, විවාහ සහ මරණ සහතික පිටපත් මාර්ගගත (online) ක්‍රමයට ලබාදීම ‍අගෝස්තු මස (04) වනදා සිට ආරම්භ කරන බව රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව පවසනවා.

මෙම සේවාව සඳහා ගෙවීම් වීසා සහ මාස්ටර් කාඩ්පත් භාවිතා කර සිදුකළ හැකි බවයි සඳහන් වන්නේ.

එම සහතික ශීඝ්‍රගාමී තැපෑල ඔස්සේ නිවසටම ගෙන්වා ගැනීමට හෝ ළඟම පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණ ලබාගැනීමේ පහසුකම් සපයා ඇතැයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

මෙම සහතික පත් ඉල්ලුම් කළ හැකි වෙබ් අඩවිය වන්නේ https://online.ebmd.rgd.gov.lk/ වන අතර අවශ්‍ය තොරතුරු www.rgd.gov.lk වෙඩ් අඩවියෙන් සහ 011 2889518 දුරකතන අංකය ඇමතීමෙන් ද ලබා ගත හැකි බවයි පැවසෙන්නේ

Share This