

එන්නත ලබාගත් ‘මගීන්ට පමණක්’ බස්වල යන්න අවස්ථාව?
අගෝස්තු මස 15 වන විට බස්නාහිර පළාතේ පුද්ගලික බස්රථවලින් කොවිඩ් එන්නත ලබාගත් මගීන්ට පමණක් ප්‍රවාහන අවස්ථා සැලසීමට සිදුවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා liveat8.lk වෙබ් අඩවියට සඳහන් කළා.
ඔහු පෙන්වා දෙන්නේ ආසන ප්‍රමාණයට මගීන් ගෙන යාමෙන් පමණක් රෝගය පැතිරීම වැළක්විය නොහැකි බවයි.
එකම අසුනේ දෙදෙනෙක් ගමන් ගන්නා විට ද රෝගය පැතිරිය හැකි නිසා එන්නත ලබාගැනීම අනිවාර්ය කළ යුතු බව ගැමුණු විජේරත්න මහතා කියා සිටියා.
සැප්තැම්බර් 01වන දා වනවිට දිවයින පුරා අනෙකුත් ප්‍රදේශවල ද පුද්ගලික බස්රථවලින් කොවිඩ් එන්නත ලබාගත් මගීන්ට පමණක් ප්‍රවාහන අවස්ථා සැලසීමට පියවර ගත යුතු බවයි ඔහු පෙන්වා දුන්නේ.