

PCR සහ ඇන්ටිජන් පරීක්ෂණ සඳහා උපරිම මිලක් නියම කිරීම ළඟදීම
PCR සහ ඇන්ටිජන් පරීක්ෂණ සඳහා ඉදිරි සතියේදී උපරිම මිලක් නියම කරන බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසනවා.
රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් විසින් PCR පරීක්ෂණ සිදු කරනු ලබන රෝහල් 45 ක් සහ ඇන්ටිජන් පරීක්ෂණ සිදුකරනු ලබන රෝහල් 43ක් පරීක්ෂාවට ලක් කළ බව මෙන්ම එම පරීක්ෂාකිරීම්වලදී විවිධ රෝහල් එකී පරීක්ෂණ සඳහා විවිධ වූ ගාස්තු අය කරන බවට අනාවරණය වී ඇති බවයි.
එමෙන්ම PCR පරීක්ෂණයක් සඳහා රු. 5000 සිට රු. 9550 සිට දක්වා මුදලක් ද , ඇන්ටිජන් පරීක්ෂණයක් සඳහා 2000 සිට 5900 දක්වා මුදලක්ද අය කරන බවට ආනවරණය වී තිබෙනවා.
ඒ හේතුවෙන් PCR හෝ ඇන්ටිජන් පරීක්ෂණයක් සඳහා අය කළ හැකි උපරිම මිල පිළිබඳව ලබන සිකුරාදා වන විට සිය අධිකාරිය දැනුවත් කරන ලෙස පාරිභෝගික සේවා අධිකාරිය සෞඛ්‍ය අමාත්‍යංශයට දැනුම් දී ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළා.