කොවිඩ් නිසා මිය ගිය දරුවන් ගණන 14ක් -තවත් වැඩිවිය හැකි බවට ඇමැතිනියගෙන් අනතුරු ඇඟවීමක්

කොවිඩ් නිසා මිය ගිය දරුවන් ගණන 14ක් -තවත් වැඩිවිය හැකි බවට ඇමැතිනියගෙන් අනතුරු ඇඟවීමක්

කොවිඩ් ආසාදනයවූ දරුවන් 45,831 ක් මේ දක්වා වාර්තා වී ඇතැයි සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පාර්ලිමේන්තුවේදී ඊයේ (5) සඳහන් කළා

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සෞඛ්‍ය ඇමැතිවරිය මේ බව පවසා සිටි අතර
කොවිඩ් ආසාදනයවු වයස 18ට අඩු දරුවන් දාහතර දෙනකු මියගොස් ඇතැයිද ඇය සඳහන් කර සිටියා

මෙසේ කොවිඩ් ආසාදනයවූ දරුවන් පිරිසට අවුරුදු 10 ට අඩු දරුවන් දහනම දහස් හය සිය අසූ අටක්ද (19,688) අවුරුදු 10ත් 18ත් අතර දරුවන් විසි හය දහස් එකසිය හතළිස් තුනක්ද(26,143) ඇතුළත් වන බවයි සෞඛ්‍ය ඇමැතිවරිය පවසන්නේ

රටේ කොවිඩ් 19 ආසාදිත දරුවන් සංඛ්‍යාව සැලකිය යුතු ලෙස ඉහළ යමින් පවතින බවද සෞඛ්‍ය ඇමැතිවරිය මෙහිදී කියා සිටියා

මේ අතර මියගොස් සිටි දරුවන් දාහතර දෙනා අතරේ වයස 0-5 අතර දරුවන් 7 දෙනෙකුද, වයස 6-10 අතර දරුවන් තිදෙනෙකුද ,වයස 11-15 අතර දරුවන් දෙදෙනෙකුද, වයස 16-18 අතර දරුවන් දෙදෙනෙකුද , වන බව සෞඛ්‍ය ඇමැතිවරිය පවසා සිටියා .

 

Share This