

තවත් මන්ත්රීවරයෙක්ට කොවිඩ් – අද දවසේ කොවිඩ් වැළඳුනු බව හෙළිවූ මන්ත්රීවරු ගණන තුනක්
පාර්ලිමේන්තු මන්ත්රී තිස්ස කුට්ටිආරච්චි මහතාටත් කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරුව තිබෙනවා.
අද (06) දිනය තුළ කොවිඩ් ආසාදිත බවට වාර්තා වූ තෙවන පාර්ලිමේන්තු මන්ත්රීවරයා ඔහුයි.
දිලිප් වෙදආරච්චි සහ රෝහණ දිසානායක යන මන්ත්රීවරුන්ට ද කොවිඩ් ආසාදනය වී ඇති බව අද පෙරවරුවේ වාර්තා වුණා.