

කොවිඩ් එන්නතේ එකම මාත්‍රාවක් නොගත් අයට පොලිසිය කරන දේ
කොළඹ නගරය තුළ කොවිඩ් එන්නතේ එකම මාත්‍රාවක් නොගත් පුද්ගලයින් හට එන්නත්කරණ වැඩ පිළිවෙලක් සකසා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා දැනුම් දෙනවා.
ඒ අනුව ශ්‍රි ලංකා පොලිසියේ ප්‍රජා පොලිස් කමිටු මඟින් කොළඹ නගරය තුළ එකම මාත්‍රාවක් නොගත් අය සොයා ඔවුන් කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයට රැගෙනවිත් එන්නත් කිරීමේ වැඩපිළිවෙලක් මේ වන විට ආරම්භ කර ඇති බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ.
තවද කොළඹ නගරයේ තුළ සිටින එකම එන්නත් මාත්‍රාවක් ලබා නොගත් අය සිටීනම් ඔවුන්ට කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයට පැමිණ එන්නත ලබාගන්නා ලෙසත් පොලිසිය විසින් ආරාධනා කර සිටිනවා.