

ළමුන්ගේ අසැබි දසුන් ‘අන්තර්ජාලයට එක් කරන’ තවත් දස දෙනෙක්
ළමුන්ගේ අසභ්‍ය ඡායාරූප සහ දර්ශන අන්තර්ජාලයට එක් කළ තවත් පුද්ගලයන් 10ක් පිළිබඳව පොලිස්, ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථාපිත කරන ලද විශේෂ දත්ත පද්ධතිය මගින් තොරතුරු හෙළිව තිබෙනවා.
ඔවුන් සොයා විමර්ශන ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේ.
එවැනි සිද්ධියක් සම්බන්ධයෙන් පසුගියදා අත්අඩංගුවට ගත් බඩල්කුඹුර ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි තරුණයෙකු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 20 වනදා දක්වා රක්ෂිත බන්ධනගාර ගත කර ඇති බවයි ඔහු සඳහන් කළේ.