

සමීපතමයෙකු ආසාදිතයෙකු බවට හඳුනා ගැනුණහොත් කළ යුතු දේ
කොරෝනා ආසාදිතයෙකු සමීපතමයෙකු බවට හඳුනා ගැනුණහොත් දින 03 ත් – 05 ත් අතර කාලය තුළ දී කොවිඩ් පරීක්ෂණයක් සිදුකර ගන්නා ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා සහ සෛල ජෛව විද්‍යා අංශයේ අධ්යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසනවා.
මීට පෙර කොවිඩ් පරීක්ෂණයකට ලක්විය යුතු කාලසීමාව ලෙස දක්වා තිබුණේ දින 05 ත්, 07 ත් අතර කාලයක් බව ආචාර්ය චන්දිම ජීවන්දර මහතා සිය ට්විටර් ගිණුමේ සඳහන් කර තිබුණා.
රෝග ලක්ෂණ පෙන්නුම් කරයි නම් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයක්ද, රෝග ලක්ෂණ නොපෙන්වයි නම් පී සී ආර් පරීක්ෂණයක්ද සිදුකර ගැනීම වඩාත් සුදුසු බවයි චන්දිම ජීවන්දර මහතා සඳහන් කරන්නේ