අමෙරිකාවේ කැපිටල් ගොඩනැගිල්ල අසළ ප්‍රහාරයකින් පොලිස් නිලධාරියෙකු මරුට

අමෙරිකාවේ කැපිටල් ගොඩනැගිල්ල අසළ ප්‍රහාරයකින් පොලිස් නිලධාරියෙකු මරුට

අමෙරිකාවේ, වොෂින්ටන් ඩී.සී. හි කැපිටල් ගොඩනැගිලි සංකීර්ණය අසළට ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. විදෙස් වාර්තා අනාවරණ කළේ, ප්‍රහාරයෙන් පොලිස් නිලධාරියෙකු මියගොස් තවත් අයෙකු තුවාල ලබා ඇති බවය.

මෝටර් රථයක් ආරක්ෂක මුර පොළක් වෙත කඩා වැදීමට සලස්වමින් එහි සිටි රියැදුරා පිහියක් අතැතිව පොලිස් නිලධාරීන් වෙත පැන එම ඝාතනය සිදු කර තිබෙනවා.

එහිදී පොලිස් නිලධාරීන් කළ වෙඩි තැබීමෙන් සැකකරු මිය ගොස් තිබෙන අතර අමෙරිකානු බලධාරීන් ප්‍රකාශ කළේ, මෙය ත්‍රස්ත ක්‍රියාවක් නොවන බවය.

ඝාතනය සිදු කළ සැකකරු 25 හැවිරිදි වියේ පසුවන අතර ඔහු පිළිබඳ අමෙරිකාවේ කිසිදු පොලිස් ස්ථානයක තොරතුරු සටහන්ව නොමැත.

Share This