රුධිර කැටි ඇතිවිය හැකි බවට සැක කළ ‘කොවිඩ් එන්නත ගැන’ සෞඛ්‍ය සංවිධානයෙන් ප්‍රකාශයක්

රුධිර කැටි ඇතිවිය හැකි බවට සැක කළ ‘කොවිඩ් එන්නත ගැන’ සෞඛ්‍ය සංවිධානයෙන් ප්‍රකාශයක්

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් මර්දන එන්නත නිසා රුධිර කැටි ඇතිවිය හැකි බවට හෙළිවී නැතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරනවා.

ඇස්ට්‍රාසෙනෙකා එන්නත තහනම් කිරීමේ කිසිඳු අවශ්‍යතාවක් නොමැති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ.

කොවිඩ් එන්නත් අතරින් ඇස්ට්‍රාසෙනෙකා හොඳම  එන්නතක් බවයි  සෞඛ්‍ය සංවිධානය සඳහන් කරන්නේ.

රටවල් කිහිපයක් මේ වනවිට මෙම එන්නත භාවිතය අත්හිටුවා තිබෙනවා.

ඒ, රුධිර කැටි ගැසීමේ සිදුවීම් කිහිපයක් වාර්තා වීම නිසායි.

Share This