බ්‍රසීලයේ පැතිර ඇති කොවිඩ් ප්‍රභේදය පිළිබඳ අනෙකුත් රටවලට දරුණු අනතුරු ඇඟවීමක්

බ්‍රසීලයේ පැතිර ඇති කොවිඩ් ප්‍රභේදය පිළිබඳ අනෙකුත් රටවලට දරුණු අනතුරු ඇඟවීමක්

බ්‍රසීලයේ පැතිර ඇති කොවිඩ් ප්‍රභේදය පරමාණු බෝම්බයක් තරම්ම ව්‍යසනයක් සිදු කළ හැකි බවට අනෙකුත් රටවලට අනතුරු අඟවන බව විශේෂඥයින් පවසනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ බ්‍රසීලයේ පාලනයකින් තොරව කොරෝනා වෛරසය පැතිරීම වසංගතය අවසන් කිරීමේ ගෝලීය සටනට මහත් තර්ජනයක් විය හැකි බවයි.

බ්‍රසීලයේ මෙම නව ප්‍රභේදය පැරණි ප්‍රභේදයන්ට වඩා 1.4 සිට 2.2 ගුණයකින් සම්ප්‍රේෂණය කළ හැකි යැයි සොයාගෙන ඇති අතර ඉකුත් දිනවලදී ලොව වැඩිම දෛනික මරණ වාර්තා කළ ඇමරිකා එක්සත් ජනපදයේ මරණ ගණන ඉක්වමවමින් බ්‍රසීලයේ මරණ ගණන ද ඉහළ ගියා

Share This