

නිරෝධායනයට යාත්‍රාවක්
තායිලන්තයට පැමිණෙන සංචාරකයන්ට දැන් සති දෙකක කොරෝනා වෛරස් නිරෝධායනය යාත්‍රාවක ගත කළ හැකිය.
මෙම නව පියවර මඟින් යාත්‍රා සංචාරක ආදායමෙන් බාට් බිලියන 1.8ක් (ඩොලර් මිලියන 42 ක්) ලැබෙනු ඇතැයි රජය අපේක්ෂා කරනවා. වසංගතයෙන් දැඩි ලෙස පීඩාවට පත් වූ රටේ අරගලකාරී තත්ත්වයකට පත් වී තිබෙන සංචාරක කර්මාන්තය පුනර්ජීවනය කිරීම මෙම පියවරේ අරමුණයි.
මීට පෙර, ජනවාරි මාසයේදී එරට විසින් සංචාරකයන්ට ඔවුන්ගේ නිරෝධායනය ගොල්ෆ් පිටියක ගත කිරීමට යෝජනා කරන ලදී. මේ අග්නිදිග ආසියානු ජාතිය සංචාරකයින් මත දැඩි ලෙස රඳා සිටින නමුත් වෛරසය පැතිරීම සීමා කිරීම සඳහා පසුගිය වසරේදී එය තහනම් කර තිබෙනවා.
පසුගියදා නිවේදනය කරන ලද, යාත්‍රා නිරෝධායන වැඩසටහන මඟින් සෘණාත්මක කොරෝනා වෛරස් පරීක්ෂණ වාර්තාවක් ඇති අමුත්තන්ට ෆුකෙට්හි යාත්‍රාවක් හෝ කුඩා නෞකාවක කාලය ගත කිරීමට ඉඩ සැලසේ. ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වන එහි වසංගතයෙන් පසු සංචාරකයන්ගේ සංඛ්‍යාව දිනකට 40,000-50,000 දක්වා පහත වැටි තිබුනා.