පාකිස්තානයේ සියලු සමාජ මාධ්‍ය තාවකාලිකව වසා දමයි

පාකිස්තානයේ සියලු සමාජ මාධ්‍ය තාවකාලිකව වසා දමයි

පාකිස්තාන විදුලි සංදේශ අධිකාරිය විසින් අද දිනයේ ෆේස්බුක්, ට්විටර්, වට්ස්ඇප්, ඉන්ස්ටග්‍රෑම් සහ ටික්ටොක් ඇතුළු සියලුම සමාජ මාධ්‍ය වේදිකා පැය කිහිපයකට තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබෙනවා.

තහනම් අන්තවාදී ආගමික කණ්ඩායමක් විසින් සිදුකරන ප්‍රචණ්ඩකාරී විරෝධතා මැඩපැවැත්වීමේ පියවරක් ලෙස අද (16) දිනයේ සවස 4 වන තෙක් මෙම සමාජ මාධ්‍ය වේදිකා වල සේවය අත්හිටවා තිබුණා.

මීට පෙර පාකිස්තාන රජය ත‍්‍රස්ත විරෝධී පනත යටතේ තහනම් කර තිබූ රැඩිකල් ඉස්ලාමීය පක්ෂයක් වන ටීඑල්පී සංවිධානය විසින් රටේ සාමය හා ආරක්ෂාව අගතියට පත්වන අයුරින් කටයුතු කර තිබුණා.

ඒ අනුව ඔවුුුන් පසුගියදා නීතිය ක්‍රියාත්මක කරන ආයතන සමඟ ඇති වූ ගැටුමකින් පොලිස් නිලධාරීන් 300 කට වැඩි පිරිසකට තුවාල සිදුකර තිබුණා.

එම සංවිධානය විසින් මහජනයා බිය ගැන්වීම, සිවිල් වැසියන්ට සහ නිලධාරීන්ට පහර දීම, පුළුල් බාධක ඇති කිරීම, තර්ජනය කිරීම, අපයෝජනය කිරීම සහ වෛරය ප්‍රවර්ධනය කිරීම, මහජනතාව සහ වාහන ඇතුළු රජයේ දේපළ ගිනි තැබීම, රෝහල්වලට අත්‍යවශ්‍ය සෞඛ්‍ය සැපයුම් අවහිර කිරීම සහ රජයට [මහජනතාවට] තර්ජනය කිරීම, බල කිරීම, බිය ගැන්වීම සහ මහජනයා තුළ විශාල වශයෙන් බිය සහ අනාරක්‍ෂිත බව පිළිබඳ හැඟීමක් ඇති කිරීම වැනි කාරණා හේතුවෙන් මෙම තීරණය පාකිස්තානු රජය විසින් ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Share This