කොවිඩ් රෝගීන්ට ඔක්සිජන් අඩු නිසා හදිසි නොවන සැත්කම් අත්හිටවූ රට

කොවිඩ් රෝගීන්ට ඔක්සිජන් අඩු නිසා හදිසි නොවන සැත්කම් අත්හිටවූ රට

පාකිස්තානයේ ඔක්සිජන් සැපයුම අඩුවීම හේතුවෙන් සියලු හදිසි නොවන සැත්කම් අත්හිටුවීමට පාකිස්තානු රජය තීරණය කර තිබෙනවා.

එරට වඩාත්ම ජනාකීර්ණ පළාත් දෙක වන පන්ජාබ් සහ සින්ද් යන පළාත් විසින් ප්‍රකාශයක් නිකුත් කරමින් කියා තිබුණේ, රෝහල්වල හදිසි නොවන සැත්කම් වහාම අත්හිටුවන ලෙසයි.

ඒ අනුව වකුගඩු ගල්, අස්ථි බිඳීම් සහ හර්නියා සඳහා සැත්කම් හා රූපලාවණ්‍ය හා අක්ෂි සැත්කම්ද එම අත්හිටුවීමට ඇතුළත් කර තිබෙනවා.

පුවත්පත් සාකච්ඡාවකට එක් වෙමින් යුද හමුදා ප්‍රකාශක මේජර් ජෙනරාල් බාබර් ඉෆිත්කාර් කියා සිටියේ රට තුළ නිපදවන සමස්ත ඔක්සිජන් ප්‍රමාණයෙන් 75%කට වඩා වැඩි ප්‍රමාණයක් සෞඛ්‍ය අංශය වෙත වෙන්කිරීමට දැනටමත් කටයුතු කර ඇති බවයි.

කොවිඩ් ආසාදිතයින්ට නිසි පරිදි ඔක්සිජන් සැපයීමට අවශ්‍ය වන බැවින් එරට රජය මෙම තීරණය ගෙන තිබෙනවා.

Share This