

ඉන්දුනීසියානු සබ්මැරීනයක් අතුරුදන්
සේවක මණ්ඩලයේ 53 දෙනෙක් ද සමග ඉන්දුනීසියාවේ නාවික හමුදාවට අයත් සබ්මැරීනයක් ගැඹුරු මුහුදේ දී අතුරුදන් ව ඇති බව වාර්තා වනවා.
එය සොයාගැනීම සඳහා මේ වන විට මෙහෙයුමක් අරඹා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එම සබ්මැරීනය බාලි දූපතට උතුරින් ගැඹුරු මුහුදේ අභ්‍යාසයකට එක්වීමෙන් අනතුරුව නැවත පැමිණ නොමැති බව වාර්තා වනවා.
ජර්මනියේ නිෂ්පාදිත සබ්මැරීනය සොයාගැනීම සඳහා ඉන්දුනීසියානු බලධාරීන් ඔස්ට්‍රේලියාවේ සහ සිංගප්පුරුවේ සහය ද ඉල්ලා තිබෙනවා.