ඕස්ට්‍රේලියාව ඉන්දියාවේ සියලු ගුවන් ගමන් අත්හිටුවීමට සැරසෙයි

ඕස්ට්‍රේලියාව ඉන්දියාවේ සියලු ගුවන් ගමන් අත්හිටුවීමට සැරසෙයි

ඉන්දියාවේ COVID-19 රෝගීන් වැඩිවීමත් සමඟ වඩාත් දරුණු කොරෝනා වෛරස ප්‍රභේද තම රට තුළට පැමිණීම වැළැක්වීම සඳහා ඉන්දියාවේ ගුවන් ගමන් අත්හිටුවීමේ යෝජනාවක් සලකා බැලීමට ඕස්ට්‍රේලියාව යොමුව තිබෙනවා.

ඉන්දියාවේ වැඩි අවදානමක් ඇති බැවින් ඉන්දියාවෙන් එන සියලුම ගුවන් ගමන් නවත්වන ලෙස ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය ෆෙඩරල් රජයෙන් ඉල්ලා තිබෙන අතර එම යෝජනාව අද දින සලකා බැලීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඉන්දියාවේ සිට ගුවන් ගමන් නතර කිරීම පිළිබඳව සලකා බැලීමට ඕස්ට්‍රේලියාවේ ජාතික ආරක්ෂක කමිටුව අද (27) රැස්වන අතර ඉන්දියාවට උපකාර කිරීම සඳහා වෛද්‍ය සැපයුම් යැවීම ඇතුළු ක්‍රියාමාර්ග ද මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතයි

Share This