

ධනුෂ්කට, විනිසුරු දුන් තීරණය ගැන කාගේත් කතාබහට (Video)
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවති පළමු එක්දින තරගයෙන් දිමුත් කරුණාරත්න ප්රමුඛ ශ්රී ලංකා කණ්ඩායමට දරුණු පරාජයක් අත්විය.
තරගයේ කාගේත් කතාබහට ලක්වූ සිදුවීම සිදුවූයේ ධනුෂ්ක ගුණතිලකටයි.
කිරන් පොලාර්ඩ් ක්රියාත්මක කළ පන්දුවාරයකදී දුවද්දී දැවී යාමකට හසු කර ගැනීමට තිබූ අවස්ථාවක් අවහිර කිරීම හේතුවෙන් ධනුෂ්කට පිටියෙන් ඉවත් වීමට සිදුවිය.
පොලාර්ඩ් විනිසුරුගෙන් කළ ඉල්ලීමකින් පසු තුන්වන විනිසුරු තීරණය කළේ, පිටියේ පන්දු රකින ක්රීඩකයින්ට බාධා කළේයැයි යන කරුණ මත ධනුෂ්කට පිටියෙන් ඉවත් වීමට සිදුවන බවය.
ඒ අනුව, ධනුෂ්ක ගුණතිලගේ ඉනිම ලකුණු 55කට සීමා විය.