බ්‍රසීලයේ P1 කොවිඩ් ප්‍රභේදය ලෝකයට “න්‍යෂ්ටික බෝම්බයක්” වන ලකුණු

බ්‍රසීලයේ P1 කොවිඩ් ප්‍රභේදය ලෝකයට “න්‍යෂ්ටික බෝම්බයක්” වන ලකුණු

බ්‍රසීලයේ ව්‍යාප්ත වන P1 යනුවෙන් හඳුන්වන කොවිඩ් වෛරස ප්‍රභේදය පාලනය කිරිමට ඉක්මන් පියවර නොගත හොත් එය ඉදිරියේදී න්‍යෂ්ටික බෝම්බයක පිපිරීමක් හා සමාන වනු ඇති බවට විද්‍යාඥයින් අනතුරු අඟවනවා.

බ්‍රසීල සෞඛ්‍ය බලධාරීන් මෙම තත්ත්වය පාලනය නොකළහොත් එය කොවිඩ් වෛරසයට එරෙහිව සිදුකරනු ලබන ගෝලීය සටනේ තීරණාත්මක සාධකයක් වනු ඇති බවයි වෛද්‍ය Roberto Kraenkel පවසන්නේ.

මේ වන විටත් මෙම නව වෛරස් ප්‍රභේදය ලොව පුරා රටවල් 15කින් වාර්තා වී තිබෙනවා.

කොවිඩ් වෛරසය මිට පෙර ආසාදනය වූ පුද්ගලයින්ට වුවද ඔවුන්ගේ සිරුරේ ඇතිවන ප්‍රතිශක්තිය මඟහරවමින් යලි ආසාදිතයින් බවට පත් කිරීමේ හැකියාව මෙම නව වෛරස් ප්‍රභේදයට හැකියාව ඇති බව විද්‍යාඥයින් පවසනවා.

මේ දක්වා බ්‍රසීලයේ ජනතාවට කොවිඩ් මර්ධන එන්නත ලබාදීම ආරම්භ කර නොමැති අතර එන්නත ලබාදීම තවදුරටත් ප්‍රමාද වුවහොත් එය බ්‍රසීලය තුල කොවිඩ් ව්‍යාප්තියේ අදුරුතම කාලපරිච්ජේදය ඉදිරි සති කිහිපයේදී දැක ගත හැකිවනු ඇති බවට විද්‍යාඥයින් අනතුරු අඟවා සිටිනවා.

මෙම කොවිඩ් ප්‍රභේදය පසුගිය දෙසැම්බර් මාසයේදී බ්‍රසීලයෙන් සොයා ගනු ලැබූ අතර මේ දක්වා වාර්තා වූ කොවිඩ් ප්‍රභේදයන් අතුරින් වේගවත් ව්‍යාප්තියක් මෙන්ම දැඩි මාරාන්තික බවකින් යුත් වෛරස් කාණ්ඩය මෙය වනවා.

Share This