

බ්‍රසීල ජනාධිපති, ඇමතිවරු 6 දෙනෙක්ව නෙරපයි
බ්‍රසීල ජනාධිපති ජෙයා බෝල්සොනාරෝ විසින් සිය කැබිනට් මණ්ඩලයේ සාමාජිකයින් 6 දෙනෙක් ඉවත්කර ඇති බව CNN වෙබ් අඩවිය වාර්තා කරනවා.
එය මීට වසර දෙකකට පෙර බලයට පැමිණි බ්‍රසීල ජනාධිපතිවරයා ඉන් අනතුරුව සිදුකළ විශාලතම කැබිනට් මණ්ඩල “වෙනස් කිරීම” මෙය ලෙස සැලකෙනවා.
විදෙස් අමාත්‍යවරයා සහ ආරක්ෂක අමාත්‍යවරයා ද තනතුරුවලින් ඉවත්කර තිබෙනවා.