

බ්‍රිතාන්‍යයේ රජ පවුල ජාතිවාදී නැහැ – හැරී සහ මේගන් ගේ චෝදනාවලට විලියම් කුමරුගෙන් ප්‍රතිචාර
කේම්බ්‍රිජ්හි ආදිපාද විලියම් කුමරු පළමු වරට බ්‍රිතාන්‍යයේ රජ පවුල සම්බන්ධයෙන් හැරී සහ මේඝන් යුවළ එල්ල කළ චෝදනාවලට ප්‍රතිචාර දක්වා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ඒ අනුව විලියම් කුමරු පවසන්නේ රාජකීයයන් “ජාතිවාදී පවුලක් නොවන” බවයි.
ලන්ඩනයේ පැවති හමුවකදී අදහස් දක්වමින් විලියම් කුමරු පැවසුවේ, මෙම චෝදනා සම්බන්ධයෙන් ඔහු මෙතෙක් සිය සොහොයුරා වන හැරී කුමරුගෙන් විමසීමක් නොකළ අතර ඉදිරියේදී එසේ කරන බවයි
බකිංහැම් මාලිගය මීට පෙර කියා සිටියේ රාජකීය පවුලේ සාමාජිකයෙකු සසෙක්ස්හි නූපන් දරුවාගේ සමේ පැහැය ගැන සැලකිලිමත් වූ බවයි.