

කැරම් ශූරිය සිසුවියක්
ශ්‍රී ලංකා කැරම් සම්මේලන මූලස්ථානයේ පැවැති බස්නාහිර පළාත් කැරම් තරගාවලියේ පිරිමි කේවල ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ උදේශ් චන්දිම සමත්ව තිබෙනවා.
කාන්තා කේවල ශූරතාව දිනාගැනීමට නුගේගොඩ මහාමායා බාලිකා විද්‍යාලයේ තස්මිලා කාවින්දි සමත් වූණා.
පිරිමි කේවල අවසන් තරගයේදී තියුණු සටනකින් අනතුරුව වට 2-1 ක් ලෙස (25/24, 17/25, 25/24) ශ්‍රී ලංකා ගුවන් හමුදාවේම ක්‍රීඩකයකු වන හසිත අනුරුද්ධ පරාජය කිරීමට උදේශ් චන්දිම සමත් වුණා. කාන්තා කේවල අවසන් තරගයේදී ශ්‍රී ලංකා යුද හමුදාවේ මධුකා දිල්ෂානි රණවීරට එරෙහිව වට 2-0 ක (25/17, 25/0) පහසු ජයක් වාර්තා කිරීමට තස්මිලා කාවින්දි සමත් වූණා.
පිරිමි කණ්ඩායම
උදේශ් චන්දිම (ශ්‍රී ලංකා ගුවන් හමුදාව), හසිත අනුරුද්ධ (ශ්‍රී ලංකා ගුවන් හමුදාව), නිශාන්ත ප්‍රනාන්දු (ශ්‍රී ලංකා නාවික හමුදාව), ෂහීඩ් හිල්මි (කොළඹ රාජකීය විද්‍යාලය), ප්‍රමේද මෙන්ඩිස් (කැලණිය විශ්ව විද්‍යාලය), සුරාජ් මධුවන්ත (ශ්‍රී ලංකා යුද හමුදාව), චරිත් මධුසංක (ශ්‍රී ලංකා යුද හමුදාව) සහ එවෝන් වික්‍රමසිංහ (ශ්‍රී ලංකා ගුවන් හමුදාව)
කාන්තා කණ්ඩායම
තස්මිලා කාවින්දි (නුගේගොඩ මහාමායා බාලිකා), මධූකා දිල්ෂානි රණවීර (ශ්‍රී ලංකා යුද හමුදාව), ජෝශප් රොෂිටා (ශ්‍රී ලංකා නාවික හමුදාව), දෙටුනි නොමායා (ශ්‍රී ලංකා යුද හමුදාව), නුවන්තිකා සංජීවනී (නුගේගොඩ මහාමායා බාලිකා), සසිකා සඳමාලි (ශ්‍රී ලංකා යුද හමුදාව), එම්.චිත්‍රාදේවී (ශ්‍රී ලංකා යුද හමුදාව) සහ චලනි ලක්මාලි (ශ්‍රී ලංකා ගුවන් හමුදාව)