

චීනයේ රොකට්ටුවක කොටස් කිහිපයකුත් ඉදිරි දින කිහිපයේ පොළවට වැටෙන ලකුණු
චීන රොකට්ටුවක සුන්බුන් කොටස් කිහිපයක් මෙම සති අන්තයේ පාලනයකින් තොරව පෘථිවියට වැටෙනු ඇතැයි අපේක්ෂා කෙරෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙම රොකට් කොටස් කඩා වැටෙන්නේ කොතැනකද? සහ කවදාද? යන්න මෙතෙක් තහහුරු වී නැහැ.
රොකට්ටුවේ කොටස් මේ වන විට පෘථිවිය වටා ගමන් කරමින් පහළ වායුගෝලයට ඇතුළු වීමට ආසන්න බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
චීන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරන්නේ ඉදිරි දින කිහිපය තුළ රොකට්ටුව ජාත්‍යන්තර මුහුදේ කොතැනක හෝ වැටෙනු ඇති බවයි.