

ඔලිම්පික් උළෙලේ ආරක්ෂාව තහවුරු කර ගැනීමට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සභාපති ජපානයට
කෝවිඩ් වසංගත තත්ත්වය හමුවේ ජපානයේ ටෝකියෝ නුවර පැවැත්වීමට නියමිත ඔලිම්පික් උළෙලේ ආරක්ෂාව තහවුරු කර ගැනීම සඳහා ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සභාපති තෝමස් බැච් එළඹෙන මැයි මස ජපානයේ සංචාරයක නිරත වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ඔලිම්පික් ක්‍රීඩා උළෙල සුරක්ෂිතව පැවැත්වීම සඳහා ජපානයේ කැපවීමට බැච් සහාය වනු ඇතැයි අපේක්ෂා කරන බව ජාපනය පවසන අතර කොවිඩ් 19 වසංගතය හේතුවෙන් පසුගිය වසරේ කල් දැමුණු ඔලිම්පික් ක්‍රීඩා උළෙල මෙම වසරේ ජූලි මස අගදී ආරම්භ කිරීමට නියමිතයි.